කොම්පඤ්ඤ වීදීයේ බෝධීන්වහන්සේගේ බෝධිඝරය පිළිසකර කිරීම

කොම්පඤ්ඤ වීදීයේ ගංගාරාම විහාරස්ථානයට අයත් භූමියක පිහිටි බෝධීන්වහන්සේගේ බෝධිඝරය පසුගියදා පිළිසකර කරන ලදී. එලෙසින් පිළිසකර කිරීමෙන් අනතුරැව 2016.12.13 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් පැවැත්වීය. ඉන් පසු 2016.12.14 වන අද දින සංඝයා වහන්සේ 25 නමකට දානය පිළිගැන්විනි. පන්සලක්, කෝවිලක්, ක්‍රිස්තියානි පල්ලියක් සහ මුස්ලිම් පල්ලියකින් සමන්විත කොම්පඤ්ඤ වීදීයේ එම මංසන්ධිය ආගමික සහජීවනය විදහා දක්වනු ලබන ස්ථානයකි. එමෙන්ම එම පුන්‍යෝත්සවය සඳහා සියලු ආගම් නියෝජනය කරමින් එම ආගමික ස්ථානයන්හි පූජක පක්ෂය සහභාගී විය.

The Bo tree enclosure located on a land owned by the Gangaramaya Temple was renovated recently. Upon completion of the work a pirith ceremony was held on 2016.12.13 and was followed by an almsgiving to 25 venerable theroes on 2016.12.14. The junction in Slave Island reflects religious harmony as there is a temple, kovil, church and mosque in its vicinity. Therefore, clergy representing all faiths participated in the ceremony.